Arduino ගැන සිංහලෙන් #01 පාඩම- හැඳින්වීම

කොහොමද යාලුවනේ? මීට කලින් මම ඔයාල වෙනුවෙන්ම නිර්මාණය කරපු ජ්වලන පද්ධතිය ගැන වීඩියෝව ඔයාල බැලුවා කියලා හිතනවා. බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් ඒක බලන්න. අදනම් මම කතා කරන්න පටන්ගන්නේ ටිකක් වෙනස් Subject එකක් ගැන. ඒ කිවේ Arduino ගැන.

මේක මම ලියන්නේ පාඩම් මාලාවක් විදිහට. එහෙමනම් මේ  Arduino ගැන සිංහලෙන් පාඩම් මාලාවේ පළමුවැන්න. එහෙනම් ඉතින් එකතුවෙන්න අපේ මේ Arduino ගැන සිංහලෙන් පාඩම් මාලාව සමග.

මොකක්ද මේ ARDUINO කියන්නේ?

Arduino කියන්නේ අමුතුම ජාතියක සුපිරි තාක්ෂණයක් නැත්තම් භාෂාවක්. මේකට නිශ්චිත හැඩයක් නැ අපි එයට program කරලා ලියල දෙන දේ එයා අපිට ලස්සනට කරලා දෙනවා. නිකමට හිතන්න අපිට LED light එකක් නිවි නිවි පත්තු වෙන්න හදන්න Electronics circuit වලින් හදන්න ගියොත් සැහෙන්න වෙලාවක් අරන් හොදට කල්පනා කරලා හදන්න ඕනා ටිකක් ලොකු වැඩක්. එත් මේ Arduino වලින් අ වැඩේ කරනවා නම් ඒ වැඩේ හරිම සරලයිඕන වෙන්නේ Arduino වල board එක control කරන command ටිකක් ඉගෙන ගන්න එක විතරයි.

අපි කලින් මං ගත්ත උදාහරණයට Arduino code එක try කරලා බලමු දැන්.

digitalWrite(13,HIGH);[commend(ක්‍රියා කලයුතු pinඑක,on/off ද යන්න )

delay(100);[පෙර පියවර තුල සිටිය යුතු කාලය {මිලි තත්පර වලින්}]

digitalWrite(13,LOW);[commend(ක්‍රියා කලයුතු pin එක,on/off ද යන්න)

delay(100);[පෙර පියවරේ රදිය යුතු කාලය]

සැම විටම code ලියන loop කොටසේ ලියා ඇති ඒවා උඩ සිට කියවා අවසානයේ නැවත ඉහලම පියවරට නැවත යන බව මතක තබා ගන්න.

කොහොමද අපිට ගැලපෙන ARDUINO BOARD එකක් තෝරාගන්නේ?

  • Arduino mega
  • Arduino Nano
  • Arduino pro mini
  • Arduino Uno
  • Arduino robot control

කඩේ මේ වගේ board ජාති ගොඩක් තිබ්බත් ලොකු වෙනස් කමක් නැ use කරන වැඩේට ලේසි වෙන විදියට පොඩි පොඩි වෙනස් කම් ටිකක් තමයි තියෙන්නේ. හැබැයි Arduino පුරුදු වෙන කෙනෙක්ට මං නම් හිතන්නේ හොදම Board එක තමා Uno R3 කියන board එක. ලොකු ගානක් වෙන්නෙත් නැ 900/= වගේ ගානකට ගන්නත් පුළුවන්. අපි ඔය car එකක් වගේ හැදුවොත් එ board එක දිගටම තියන්න ඕන වෙනවනේ. ඒ වගේ වෙලාවට Uno board එකට වඩා Nano හරි Pro mini board පාව්ච්චි කරන එක වැඩ හොදයි. මොකද ඒ board ප්‍රමාණයෙන් කුඩා නිසා.

සමහරු ඇති python වගේ භාෂා හදාරලා තියෙන. එත් Arduino දන්නේ නැති එහෙම අය Arduino කරන්න බයේ ඉන්නවා නම් බඩු අරගෙන සල්ලි නාස්ති වෙයි කියලා, ඒක කෙටියෙන්ම ලිව්වොත් මෝඩ අදහසක්. Arduino වල සහ python වල ලොකු වෙනසක් නැ. Arduino වල Board commend ටික විතරයි එහෙම යට ඉගෙනගන්න තියෙන්නේ.

Arduino කරන අයට පොඩි පොඩි කැලි වගයක් සල්ලි දීල ගන්න නම් අනිවා සිද්දවෙනවා. හැබැයි ඒ ටික එකපාර ඕන නැහැ. ටික ටික තමන්ට ඕන විදියට ඒ ටික ගන්න පුලුවන්. මුලින්ම light එකක් නිවෙන්න පත්තු වෙන්න හදන්න .ඊට පස්සේ light ටිකක් වැඩියෙන් දාල ලස්සන pattern එකක් හදන්න .ටික ටික Arduino අල්ලාගෙන යන්න.

අන්තිමටම ඔයාටත් නොදැනි ඔයලා සුපිරි Arduino වැඩ්ඩො වෙයි. මුලින් code වැරදි වරදින්න වරදින්න වැරදි හදාගෙන ඉස්සරහට යන්න. එතකොටයි ඔයාට මේ Arduino කියන එකෙන් ඉස්සරහට යන්න පුලුවන්.

මොකද මේ ARDUINO දන්නා අය එක අනිත් අයට උගන්න කැමති?

පලවෙනි හේතුව තමයි අපි මේක ඉගනගන්න මහන්සි උනා, කට්ට කැවා, සමහර web site වල තිබ්බ බොරු code follow කරන්න ගිහින් ඒක තේරුම් ගන්න බැරුව නිදිමරාගෙන මහන්සි උනා. හොද දෙයක් ඉගෙනගන්න try කරන කෙනෙක්ට එහෙම කට්ටක් කන්න නොදී හරි දේ පැහැදිලිව කියල දෙන්න.

අනිත් එක Arduino කියන්නේ යන්න තව ගොඩක් දුර තියෙන, අදහස් මදි නිසා යන ගමන slow වෙච්ච subject එකක් එක නිසා.

මේක දන්නා අය වැඩි වෙද්දී අපි ඔක්කොන්ටම යන speed එක වැඩි වෙනවා. එ වගේම අපේ ගමන ලේසි වෙනවා.

***ARDUINO PROGRAMMING ගැන පහල තියෙන දේවල් ගැනත් මීළඟ පාඩම්වලින් කතා කරන්න බලාපොරොත්තුවෙන් අදට නවත්තනවා***

  • VOID SETUP
  • VOID LOOP
  • VARIABLE
  • SERIAL MONITER

2වන පාඩම>>>

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: