අද චිත්‍රපට ගේම්ස් මෘදුකාංග සිංදු ආදිය බාගන්න එහෙම කට්ටිය වැඩියෙන්ම භාවිතා කරන දෙයක් වෙලානේ ටොරන්ට් මාධ්‍යය. අද අපි කියලා දෙන්න හිතුව Torrent ගොනු Direct විදිහට බාන ආකාරය ගැන. මේක සරල වැඩක්.
මේකට අපිට ඕනෙ වෙන්නෙ පුංචිම පුංචි වෙබ් අඩවියක් විතරයි. අඩවියෙ නම Seedr. අපිට මේකේ ඕන ප්‍රමාණයක් එක් වරකට 2GB බැගින් බාගත කරන්න ඉඩ දෙනවා. හරි අපි මේක කරන විදිහ බලමු.
- මුලින්ම මෙතනින් Seedr වෙබ් අඩවියට යන්න.
- දැන් අඩවියට කැමති විදිහකට සයින් අප් වෙන්න. (Facebook හරි ඔයාගෙ Google ගිණුම යොදාගන්න වුණත් පුළුවන්.)
- ලොග් වෙලා අවශ්‍ය ටොරන්ට් ලින්ක් එක පේස්ට් කරන තැනට (එකතු කිරීමේ සලකුණක් තියෙන තැනට) පේස්ට් කරලා ඩිරෙක්ට් ආකාරයට කන්වර්ට් කරගෙන බාගත කරගන්න.
- එක වරකට බාගත කරන GB ප්‍රමාණය ඔයාට දෙන රෙෆ් ලින්ක් එක Share කර අනිකුත් අයට ලබා දී වැඩි කරගත හැකියි.
UPDATE පෙබරවාරි 2, 2017
තවත් ලිපියකින් හමුවෙමු.
Niyamai
කැමතියිLiked by 1 person