Apple iPhone 7 හා iPhone 7 plus ගැන විස්තරාත්මක හැඳින්වීමක්…

මොකක්ද ලෝකේ හොඳම දුරකතන වර්ගය? අවිවාදයක් නැතුව හුඟ දෙනෙක් කියාවි ඒ Apple iPhone දුරකතනය කියලා. ගොඩක් අවුරුදු වල ගණනයන් කිරීම්වලදීත් ඔප්පු වෙලා තියෙනවා iPhone කියන්නේ ලෝකයේ හොඳම දුරකතනය කියලා. මේ හැඳින්වීමක් කරන්න යන්නේ අන්න ඒ ලෝකයේ හොඳම දුරකතන පරම්පරාවේ නවතම දුරකතන වන iPhone 7 සහ iPhone 7 Plus smart දුරකථන ගැනයි.

iPhone 7 සහ iPhone 7 Plus smart දුරකථන නිර්මාණය කරලා‍ තියෙන්නේ Apple Inc සමාගමෙන් කියන දේ නම් ආයෙ කියන්න වුවමණා නෑනේ. මේ ගැන ඔවුන් විසින් නිවේදනය කළේ මේ අවුරුද්දේ (2016) සැප්තැම්බර් 7වෙනිදා, සැන් ෆ්‍රැන්සිස්කෝවලදී බිල් ග්‍රැහැම් සිවික් ශ්‍රවණාගාරයේදී Apple සමාගමේ වර්ථමාන ප්‍රධාන විධායක නිලධාරී ධූරය හොබවන ටිම් කුක් විසිනුයි, මේ දුරකථනය මුදාහැරියේ සැප්තැම්බර් 16 වෙනිදා, කලින් රජකරමින් සිටි iPhone 6S සහ iPhone 6S Plus දුරකථන වල වැඩි දියුණු කිරීම් සහිතව. ඉතින් සැප්තැම්බර් ඔක්තෝබර් මාස වෙනකොට Apple සමාගම විසින් iPhone 7 හා 7 Plus රටවල් බොහෝ ගණනකට මුදාහැරියා.  පහතින් බලන්න Apple සමාගම විසින් iPhone 7 පිළිබඳ හඳුන්වා දුන් වීඩියෝව…



දුරකතනය ගැන මූලික විස්තරයක්.

දුරකථනය ගැන කතා කෙරුවොත්, සමස්තව ගත් කල iPhone 7 දුරකථනය iPhone 6S දුරකථනයට බොහෝ සෙයින් සමානයි, නමුත් අළුත් iPhone 7 දුරකථනයේ කලර් ඔප්ෂන්ස්, ජල විරෝධනය දූලි විරෝධනය (ජලය හා දූවිල්ලට ඔරොත්තු දෙනව කියලයි ඒ කියන්නේ), නව ධාරිතා සීමාවක්, වෙනස් විදහක ස්ථිතික හෝම් බටනයක් හඳුන්වා දී තිබෙනව.

මෙහි ඉස්බනු (හෙඩ්ෆෝන්) වල තියෙන 3.5 mmක ජැක් එක අතුරුදහන් වී තිබෙනවා. (වයර්ලස් වයර්ලස්… දැන් ඉතින් මෙව්ව අරං නැතිකරගන්නව එහෙම නෙමෙයි… 😛 ) ඒ කිව්වේ දැන් ඔයාලට iPhone 7 දුරකථනක් මිළ දී ගනිද්දී ලබාගන්න පුළුවන් වෙන්නේ AirPods යුගලයක්.


lcd-cldපින්තූරු ක්ලික් කර ලොකු කර බලන්න…


ඒ AirPods යුගල දුරකතනයට සම්බන්ධ කරන්න තියෙන්නේ පහත තිබෙන පින්තූරයේ වගේ Data Cable කෙවෙනිය මඟිනුයි.


lcd-cld


iPhoneවලට අාධුනික මේ නවතම AirPods හඳුන්වා දෙන ලබන පහත තියෙන වීඩියෝව බලන්න…



අභ්‍යන්තර දෘඩාංග හෙම අලුත් කරල තියෙනවා, නව Heterogeneous quad-core system-on-chip සහිත වන මෙහි ග්‍රැෆික් පෆෝමන්ස් දියුණු කර තිබෙනවා. හොඳ බැටරි අායු කාලයක්ද මෙහි දකින්න ලැබෙනව. පහත පින්තූරයෙන් බලාගන්න පුළුවන් බැටරිය ක්ෂය වෙන්නේ කොච්චර අඩුවෙන්ද කියලා. මීට කලින් තිබුණු iPhoneවලට වඩා ගොඩක් අඩුවෙන් තමයි බැටරියේ ක්ෂය වීම දකින්න ලැබෙන්නේ.


lcd-cld


කවුරු වුණත් දුරකථනයක් මිළ දී ගද්දි සැළකිලිමත් වෙන්නේ ඒකෙන් කෝල් එකක් ගන්න, මෙසේජ් එකක් ගහගන්න පුළුවන්කම තියෙනවද කියන දේටත් වඩා කැමරාවටනේ. ඔන්න iPhone 7 දුරකථනයේ මෙගාපික්සල් 12ක කැමරාවක් තියෙනවා කැමරා දෙකකින් සමන්විත වෙන iPhone 7 Plus එකක් වයිඩ් අෑන්ගල් කැමරාවක්. ටෙලිෆොටෝ කැමරාවක්ද වන අතර එක දෙයක් ෆෝකස් නොකර තව දෙයක් ෆෝකස් කරල පින්තූර ගන්න පුළුවන් හරියට DSRL කැමරාවකින් වගේ. (මේ ගැන පහළ විස්තරාත්මකව පොඩ්ඩක් කතා කරල තියෙනව.)


lcd-cld


දෘඩාංග.

iPhone 7හි භාහිර පෙනුම හා ප්‍රමාණය iPhone 6 හා iPhone 6S දුරකතවලට සමානකමක් දැක්වුවද, ප්‍රතිබිම්බිත ස්වභාවක් iPhone 7හි තිබෙනවා. Silver, Gold, සහ Rose gold වර්ණවලට අමතරව මේ දුරකතනයේ New matte black වගේම “jet black” වර්ණවලින්ද මිළ දී ගත හැකියි.


lcd-cld


iPhone 7හි home බටනය ටැපටික් එන්ජින් එකක් යොදාගෙන තිබෙනවා; එමනිසා ඒ බටනය පීඩන සංවේදියි. iPhone 7හි iPhone 6S තුළින් හඳුන්වා දුන් “3D Touch” තාක්ෂණයද දකින්නට ලැබෙනවා, ඒ කියන්නේ පීඩන සංවේදී ස්පර්ශක තිරයක් මෙයට තිබෙනවා. මෙම දුරකතනයට A10 චිපයක් අැතුළත් වෙනවා. iPhone 7 දුරකතනය ප්‍රමාණයන් දෙකකින් ලබාගත හැකියි. අඟල් 4.7 තිරයකින් යුක්තව හා iPhone 7 Plus දුරකතනය අඟල් 5.5 තිරයකින්ද යුක්තව ලබාගන්න පුළුවන්. ඒ වගේම කලින්ට වඩා Brightness ඒ කිව්වෙ තිර දීප්තිය 25%කින් වැඩි කර තිබෙනවා.

ධාරිතාව ගැන කතා කරද්දී වැඩි වීමක් දකින්න ලැබෙනව. iPhone 7 දුරකතනයේ අවම ධාරිතාව 32 GBයි. කලින් 16 GB නේ. ඒ කිව්වේ දැන් ඔයාලට iPhone 7 මිළ දී ගන්න පුළුවන් වෙන්නේ 32 GB, 64 GB, 128 GB, 256 GB යන ධාරිතාවලින්. iPhone 7 Plus හි 3 GB RAM ධාරිතාවක් තිබෙනවා, iPhone පරම්පරාවේ පළමු වතාව. අඟල් 4.7ක් වන iPhone 7හි RAM ධාරිතාව 2 GBක් වනවා.

මෘදුකාංගය

iPhone 7 ඔබට දැන් ලබාගත හැකි වන්නේ කලින්ම iOS 10 ස්ථාපනය කරලාමයි. iPhone 7 Plus ලැබෙන්නේ portrait camera මාදිරිය අැතුළත් iOS 10.1 software update එක සමඟමයි. මේ කැමරාව භාවිත කරල තමයි bokeh effect භාවිත කරන්න පුළුවන්, වෙන විදිහකට කිව්වොත් අර කලින් සඳහන් කරලා තිබුණු විදිහට වට පිට බොඳ කරල තමන්ට අවශ්‍ය දේ ෆෝකස් කරලා DSRL කැමරාවකින් වගේ පින්තූර ගන්න පුළුවන් වෙන්නේ. ඒක තේරුන්නැත්නම් පහත තියෙන පින්තූරය බලන්නකෝ.


lcd-cld

දැක්කනෙ, මල සහ සමනලය විතරයි ඒ පින්තූරේ ෆෝකස් කරල තියෙන්නේ. කදිම දුරකතනයක් නේද?

මිළ.

ඉතින් මෙහි මිළ ගැන කතා කරොත්, iPhone 7හි මිළ $649ක් වන අතර iPhone 7 Plus හි මිළ $769 ලෙස Apple වෙබ් අඩවියේ සඳහන් වෙලා තිබෙනවා.

මම ගෙනාපු තොරතුරුනම් මෙතනින් අවසානයි. පහළින් තියෙනවා මගේ ඇස ගැටුණු සුපිරි Youtube Sinhala reviews කිහිපයක්…

iPhone 7 සහ iPhone 7 Plus ගැන කළ Tech Track show review එක…

iPhone 7 සහ iPhone 7 Plus ගැන කළ Chanux Bro Geek show review දෙක…

තවත් දවසක තවත් ලිපියකින් හමු වෙමු!

Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: