Unicode වගේම අනිත් Font වලිනුත් Type කරමු… [Sinhala Key Help] (150)

කොහොමද ඉතින්… ඔන්න ආයෙත් අප ඔයාලා හමුවට එන්නෙ වැදගත් ලිපියක් අරගෙන.

මොකක්ද දන්නවද? ගොඩක් අයට තියෙන අවුලක් තමයි යුනිකෝඩ් වගේ අපේ අනික් ෆොන්ට්වලින් ටයිප් කරන්න නොහැකි වීම. උදාහරණයකට FMbindumathi කියන අකුරු වර්ගයෙන් යුනිකෝඩ්වලින් ටයිප් කරන විදිහටම ටයිප් කරන්න අමාරුයි.

මොන අකුරුද ඒ විදිහට යුනිකෝඩ්වල වගේ වෙන අකුරුවලදී ටයිප් කරන්න බැරි? “ම්” “දු” “රු” “රැ” වැනි අකුරු.

එහෙනම් යුනිකෝඩ්වල වගේ ටයිප් කළාම ඒ අකුරු වෙනත් ෆොන්ට්වලින් ටයිප් වෙන්නෙ කොහොමද? (ඔයා FMbindumathi අකුරු වර්ගය අරගෙන තිබේනම් පෙනෙයි.) මෙහෙමයි ටයිප් වෙන්නේ. “ua”  “oq” “rq”  “re

අමාරුවෙන් හරි කොහොමද හරි විදිහට ටයිප් කරන්නෙ? එහෙම කරන්නනම් Character Map ‍එකෙන් අකුරු හොය හොය ටයිප් කරන්න වෙනවා.

එහෙනම් ඉතින් කොහොමද ඔය කියන විදිහට යුනිකෝඩ්වල වගේ පහසුවෙන් ලේසියෙන් ආසාවෙන් අනික් ෆොන්ට්වලිනුත් සිංහල ටයිප් කරන්නෙ? ඔව්, ඒකට තමයි අපිට Sinhala Key Help කියන පුංචි මෘදුකාංගය ඕණෙ වෙන්නෙ. Facebook page කරන අයට, MS Powerpoint / MS Word වගේ මෘදුකාංග භාවිතා කරන අයට එහෙම මේ ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

ඔය කිව්ව මෘදුකාංගය බාගත කරගන්න කෝ ඉතින් ලින්ක් එකක්? ඔය තියෙන්නේ පහළ…


මෙතනින් Sinhala Key Help මෘදුකාංගය බාගත කරගන්න…


දැන් ඉතින් තව මොනව හරි කරන්න ඉතිරි වෙලා තියෙනවද? නැතුව නැතුව, ලිපිය වටිනවනම් කමෙන්ට් එකක් දාලම යන්න… 😀

මෘදුකාංගය නිර්මාණය කළේ – හර්ෂ ඉඳුනිල්

11 thoughts on “Unicode වගේම අනිත් Font වලිනුත් Type කරමු… [Sinhala Key Help] (150)

Add yours

  1. ගූගල් ඉන්පුට් ටූල්ස් වල මේ වගේ ප්‍රශ්න නැහැ නේද? ra ටයිප් කලාම ර රා රැ අකුරු තුනම පෙන්වනවා. rakiyawa කියා ටයිප් කලාම රැකියාව යන වචනය නිවැරදිව වදිනවා. ruppaawa කියා ටයිප් කලාම රුප්පාව යන්න නිවරදිව වදිනවා roopaya කියා ටයිප් කලාම රූපය යන්න නිවැරදිදිව වදිනවා. මා හිතන්නේ, බොහෝ දෙනා දන්නේ නැහැ, නිවැරදි යතුරු හැසිරවීම. උදාහරණයක් වශයෙන්, ගූගල් ඉන්පුට් ටූල්ස් වලදී, වෛද්‍ය යන වචයන ටයිප් කරන්නේ මෙහෙමයි waaidya.

    Liked by 1 person

  2. ගූගල් ඉන්පුට් ටූල්ස් එන්න කලින් ඔබ පෙන්වා දෙන මෘදුකාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වුනා.

    Liked by 1 person

  3. ඔබගේ අදහසක් අඩවියේ දැකීමත් සතුටක්…
    විචාරකතුමා කියන්නේ යුනිකෝඩ් භාවිතයෙන් සිංහල යතුරුලියනය කිරීම ගැන විය යුතුයි. ගූගල් ඉන්පුට් ටූල්ස් තුළින් අපිට ලැබෙන්නේ යුනිකෝඩ් අක්ෂරනේ. නමුත් මෙම ක්‍රමයෙන් විවිධ ෆොන්ට් වර්ගවලින් යුනිකෝඩ් ලෙසම විජේසේකර යතුරු පුවරුව ආධාරයෙන් ටයිප් කරගත හැකියි.
    උදාහරණ කිහිපයක් පමණක් දක්වන්නම්
    FMAbabld Bold
    FMAbhaya x
    FMArjunn x
    FMBasuru x
    FMBindumathi x
    FMDerana x
    FMEconbld Bold
    FMEmanee x
    FMGanganee x
    FMGemunu x
    FMMalithi x
    FMRajantha x
    FMRashmee x
    FMSamantha x
    FMSandhyanee x
    තව ගොඩක්නම් තිබෙනවා. මේ ෆොන්ට් ගන්න ඕණෙනම් පහළ තියෙන වෙබ් අඩවියට පිවිසෙන්න…
    http://www.sinhlafonts.com/

    Like

  4. ඇත්ත. නමුත් මේ ක්‍රමයෙන් තවමත් මා ප්‍රයෝජන ගන්නවා ෆොටෝෂොප් භාවිතයෙන් අපේ අඩවියේ මාතෘකාවට අදාළ පින්තූර නිපැයුමේදී. 🙂

    Like

  5. හැබෑව තවමත් ඒහි ඵලදායී බව යල්පැන ගිහින් නැහැ. මුද්‍රණාලවලට තවමත් ඒහි වටිනාකම විශාල බව ෙපෙනනවා. ඒ් නිසා ඔෙබ් ෙපා්ස්ටුව ෙබාෙහාම වටිනවා

    Liked by 2 people

  6. මගේ ළඟ දැනට සිංහල ෆොන්ට්ස් 1000 කට වැඩි ගණනක් තියනවා. ගූගල් ඉන්පුට් ටූල්ස් වගේම වැඩකරන UN අකුරු දෙක මුලට එන අකුරු මෝස්‌තර 7 ක් පමණ තියනවා. මම කවදාවත් ඔබ මෙහි පෙන්වා තිබෙන අකුරු අත්හරින්නේ නැහැ. පින්තූර සංස්කරණය සහ ගූගල් ඉන්පුට් ටූල්ස් වලින් ටයිප් කරන්න බැරි වචන මා ටයිප් කරන්නේ මේ ඔබ කියන අකුරු වලින්.

    Liked by 2 people

  7. මේ වගේ එකක් උබුන්ටුවලට නැද්ද? මම කාලෙක ඉදන් හොයන්නෙ, ලොකු උදවුවක්. (උබුන්ටු 16.04 වලට)

    Liked by 1 person

  8. Sinhala keyhelp පාවිච්චි කරද්දි තිතයි , කොමාවයි කීබෝඩ් එකෙන්ම ටයිප් කරන්න විදියක් නැද්ද?

    Like

අදහස් දක්වන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

raigamahandiya

Not Just Another WordPress.com site

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth | Software Review, Download, Tech News

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් මංසල

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

L.C. Demel's Sinhala Subtitles

with Baiscope Sinhalen...