Google එකෙන් කරන්න පුළුවන් සැඟවුණු, නියම වැඩ කිඩ 10ක්…

lcd cld.png

ලෝකෙ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න දෙයක් තමයි Google කියන්නේ අන්තර්ජාලයේ තියෙන වටිනාම වෙබ් අඩවියක් කියන එක.ගොඩක් අය Google කිව්වම දන්නේ දේවල් සොයන්න පාවිච්චි කරන හොඳම සෙවුම් යන්ත්‍රයක් විදිහටනේ. කරන්නෙත් හොයන එකම විතරනේ 🙂 ඉතින් අද අපි කියලා දෙනවා Google එකෙන් කරන්න පුළුවන් සුපිරි රහස් වැඩ 10ක්ම. (පහළ ඇති Screenshots Click කර ලොකු කර බලන්න)

(1) “Atari Breakout” ක්‍රීඩා කරමු.9.png

මේක කරන්නෙ මෙහෙමයි මුලින්ම Google Images වෙත යන්න. දැන් “Atari Breakout” ලෙස Type කර Enter කරන්න. ඔච්චරයි තත්පරයක් ඇතුළත Game එක දිස්වෙයි ඔයාලට.

(2) “Zerg Rush” ක්‍රීඩා කරමු.

5

මේක කරන්න Google වෙත යන්න. දැන් “Zerg Rush” ලෙස Type කර Enter කරන්න. දැන් ඔයාලට Game එක දිස්වෙයි. කරන්න තියෙන්නේ සෙවුම් ප්‍රතිඵල (Search Results) ටික විනාශ කරන්න එන රවුම් ටික Click කර කර විනාශ කරලා දාන්නයි…

(3) Google Translate එකේ අතින් ලියමු.

10.png

මුලින්ම Google Translate වෙත යන්න. දැන් Text box එකේ පහළ වම් කෙළවරේ ඇති Pencil option එක Click කර අවශ්‍ය වචනය අතින් ලියන්න පටන්ගන්න‍. මේක character-based languages පරිවර්ථනය කරන්න තමයි උපකාරවත් වෙන්නේ.

(3) විශාල අංකයක් කියවමු.

3.png

දැනගෙන හිටියද Google එකට ගිහින් අංක කියවන විදිහ ඉගෙනගන්න ඔයාට ප්‍රයෝජනවත් වෙන බව? කරන්න තියෙන්නේ Google එකට ගිහින් අංකය Type කරන්න (අංකය ඉලක්කම් 13 හෝ ඊට අඩු විය යුතුයි) දැන් සමාන ලකුණ (=) ඊට ඉදිරියෙන් Type කරලා අංකය කියවගන්න ඕණෙ භාශාව Type කරන්න. දැන් Enter කරන්න.

(4) ගණක යන්ත්‍රයක් (Calculator එකක්).

11.png

Google එකට ගිහින් “Calculator” ලෙස Type කරන්න. දැන් Enter කරන්න.

(5) ජ්‍යාමිතික හැඩතල විසඳමු.

1.png

Google එකට ගිහින් “solve [හිස්තැනක්]” හිස්තැනට විසඳීමට අවශ්‍ය හැඩය (උදා:- circle, rectangle, triangle, trapezoid, ellipse ආදී වශයෙන්) යොදා Type කරන්න. දැන් Enter කරන්න. දැන් උඩ වම්පස කෙළවරේ තියෙන Solve for කියන option එක Click කරලා විසඳන්න ඕණෙ දේ තොරගන්න. (වර්ගඵලය, පරිමිතිය ආදී වශයෙන්) දැන් ඉල්ලන දත්ත ටික දෙන්න විතරයි තියෙන්නෙ. උත්තරය එවෙලේම ලැබෙයි.

(6) ප්‍රස්ථාර නිර්මාණය කරමු.

2.png

Google එකට ගිහින් “graph for x^2” හෝ “graph for tan (x)” ආදී වශයෙන් Type කර Enter කරන්න. ක්ෂණිකව ප්‍රස්ථාරය ලබාගන්න.

(7) සන්තෝසම් ගණක යන්ත්‍රය (Tip Calculator).

4.png

මේක වේටර්වරුන්ට එහෙම වැදගත් වෙයි. අනිත් අයටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. Google එකට ගිහින් “tip calculator” ලෙස Type කරන්න, බිල්පතේ වටිනාකම සඳහන් කරන්න. ඉන්පසු සංතෝසම් ප්‍රතිශතය සහ සංතෝසම බෙදී යා යුතු පුද්ගලයින් ගණන සඳහන් කරන්න.

(8) මූල්‍යමය අගයන් පරිවර්ථනය කරගමු.

6.png

මේකනම් Google Currency Converter එකෙන් කරන්න පුළුවන් තමයි. නමුත් මේ කියලා දෙන්නේ ඒක කෙලින්ම සෙවුමෙන් කරන විදිහයි. කරන්න තියෙන්නේ Google එකට ගිහින් මූල්‍ය පරිවර්ථනේ කරන්න ඕණෙ මොන මුදල් වර්ගෙන් මොන වර්ගෙටද කියලා Type කරන්න විතරයි. (උදා :- “100 GBP to USD”) Enter කළ විගසම පරිවර්ථනය වී මූල්‍ය අගය ලැබෙයි.

(9) ටයිමරයක්. (Timer)

7.png

මේකත් ඉතින් සාමාන්‍ය Timer එකක් තමයි. කරන්න තියෙන්නේ Google එකට ගිහින් Google Timer ලෙස Type කරන්න විතරයි. මේකේ කරන්න තියෙන්නෙ කාලයක් දෙන්න විතරයි. දුන්නු කාලය අවසන් වුණාම Alarm එකක් නාද වෙනවා. Stopwatch එකත් ඇතුළත්.

(10) භාෂාවක් පරිවර්ථනය කරමු.

8.png

මේකෙදී කරන්න තියෙන්නෙ Google එකට ගිහින් අපේ භාෂාව සහ අපිට පරිවර්ථනය කරන්න ඕණෙ භාෂාව Type කරන්න විතරයි. (උදා:- “French to English”) දැන් Enter කරන්න. දිස්වෙන Text box එකේ පරිවර්ථනය කරන්න ඕණ දේ Type කරන්න…

ඉතින් මෙච්චර වටින වැඩ කිඩ 10ක් කියලා දුන්නට කමෙන්ට් එකක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා 😀
තවත් ලිපියකින් එහෙනම් හමුවෙමු.

Advertisements

2 thoughts on “Google එකෙන් කරන්න පුළුවන් සැඟවුණු, නියම වැඩ කිඩ 10ක්…

Add yours

  1. හරිම වැදගත් . මාත් වැඩියෙන්ම පාවිච්චි කර තිබුෙණ සර්ච් ඒන්ජින් ඒකක් විදිහට විතරයි. ෙම් හඳුන්වා දීම නිසා තවත් ෙස්වාවන් හඳුනාගත්තා ස්තුතියි ඔබ සැමට

    Liked by 1 person

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොඳුරු සිත ( Beautiful Mind )

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

මාධවගේ බ්ලොග් සටහන් | Madhawa's Weblog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

raigamahandiya

Not Just Another WordPress.com site

%d bloggers like this: