ශ්‍රී ලංකාවට යැවූ ගූගල් ලූන් (Google loon) එකට ඇත්තටම වුණ දේ…

lcd cld.png

ගූගල් ලූන් නමැති අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ගූගල් සමාගමත් ආණ්ඩුවත් අතර ගිවිසුමකට අත්සන් කෙරුණා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට විදිහට සැළකුණේ ශ්‍රී ලංකාවයි.මෙම ඉහළට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වී තිබුණා.

නමුත් ශ්‍රී ලංකාවට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම අත්හදා බැලීම සඳහා ගූගල් ආයතනය ශ්‍රී ලංකා ගුවනට එක් කරන ලද ප්‍රථම ‘ගූගල් ලූන්’ බැලුනය ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයේ තේ වත්තකට පෙරේදා (17) රාත්‍රියේ පතිත වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. නමුත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටින්නේ එම බැලූනය සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ අවසරය මත ඊයේ රාත්‍රියේ පතිත කළ බවයි. තවද ඔහු බැලුනය කඩා වැටුණු බවට පළ වෙමින් ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි.

ඇමතිවරයා තවදුරටත් පවසා සිටියේ “කඩා වැටුනානම් ඒක කෑලි කෑලි වලට කැඩෙන්න ඕන, ටිකෙන් ටික හුළං අඩු කරලා තමයි බැලුම බාන්න පුළුවන්. ගුවන් යානා බානවා වගේ නෙවෙයි-ගොඩ බාද්දී ඒක වත්තක් උඩට වැටෙන්න පුළුවන්, ගහක් උඩට වැටෙන්න පුළුවන්, ඒ නිසා ඒක බාල තියෙන්නේ කිසි කෙනෙකුට හානියක් නොමැති ස්ථානයකට” කියායි.

එමෙන්ම ඔහු පවසා සිටින්නේ දකුණු ඇමරිකාවෙන් පිටත් කර දකුණු පළාතෙන් ශ්‍රී ලංකාවට ඇතුල් වූ බැලුනය අහඹු ලෙස තෝරා ගත් ස්ථානයක ගොඩ බෑමට ගූගල් සමාගම තීරණය කර තිබුන බවත්, මධ්‍යම කදුකරයේ ස්ථානයකින් ගොඩ බිමට පතිත වූ අවස්ථාවේ දී පවා ක්‍රියාත්මක මට්ටමේ පැවති බව පොලිසිය තහවුරු කළ බව සහ එම බැලුනය සාමාන්‍යයෙන් නැවතත් ගුවන් ගත කළ හැකි බවය.

ගූගල් ආයතනයේ ඉංජිනේරුවන්ගේ මැදිහත් වීම මත එලෙස ගොඩ බැස්ස වූ බැලුනය ඉදිරියේ දී රත්මලාන ප්‍රදේශයෙන් නැවතත් ගුවනට එක් කරන බවත් අමාත්‍යවරයා පවසයි.

මේවන විට සිදු වන්නේ බැලුන ශ්‍රී ලංකා ගුවනේ සැරිසැරීම පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම බවත් ඒ අනුව ඒවා ඉහල නැංවීම යලි ගොඩ බැස්සවීම යන දෙකම ඉදිරියේ කාලයෙහි අත්හදා බලන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම පරීක්ෂණවලින් පසු ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සමාගම්වලට එකී තාක්ෂණයෙන් අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ අත් හදා බැලීම් සිදු කෙරෙන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

-ලිපියේ මූලාශ්‍රය බී බී සී යෙන් උපුටා ගෙන ඇති අතර වෙනස් කම් කර ඇත.
Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: