ඔබේ Smart Home එක පරිස්සම් කරගන්න – අනාගත Home Security තාක්ෂණය…

අනාගතයේදී Smart Home එකක ජීවත් වන ඔබ නිවසින් පිටව ගොස් නැවත පැමිණෙන විට ඔබේ නිවස ඔබව හඳුනාගෙන දොරටුව විවෘත කර දෙනු ඇත! ඔබ ඔබේ ශීතකරණයේ දොර විවෘත කර ඉවත්ව ගියවිට ඔබේ නිවසේ විදුලි පහන් දැල්වෙමින් නිවෙමින් ඒබව ඔබට දැනුම් දෙනු ඇත! නිවසේ ඉදරිපස දොරටුව ඔබේ නිවසේ සවි කර ඇති ගිනි ගැනීම් පිළිබඳ අනතුරු අඟවන සංවේදක සමග කතා කරනු ඇත!. ඔබ කලින් සැලසුම් කරනලද වේලාවකදී ඔබේ නිවසේ ජනෙල් දොරවල් වලට ඔබේ නිවස විසින්ම අගුලු ළාගනු ඇත! වතුර උණු කිරීම අවසන් බව කේතලය විසින්ම ඔබේ Smart TV එක හරහා notifications ලබාදෙමින් ඔබව දැනුවත් කරනු ඇත!
මේ Qualcomm නම්වූ කැලිෆෝනියානු සමාගම විසින් අනාගත Smart Homes තැනීම සඳහා අවශ්‍යවන තාක්ෂණය දැනටමත් ලෝකය සතු වන බව පෙන්වමින් දැක්වූ නිදසුන් කීපයක් පමණි. ඒ කියන්නේ ඔබේ ස්මාට් දුරකථනයද ඇතුළු නිවසේ ඇති සියලුම දේ එකිනෙක හා සමග සම්බන්ධව කටයුතු කරන, අදහස් සහ විධාන හුවමාරු කරගන්නා සංකල්පයක් පිළිබඳවයි.
Smart නිවසක ලක්ෂණ පිළිබඳව යම් අවබෝධයෙන් ලද අපි අපේ මාතෘකාව – අනාගත Home Security තාක්ෂණය – දෙසට අවධානය යොමු කරමු.
වර්තමානයේදී නිවෙස්හි ආරක්ෂාව තාක්ෂණික දියුණුව හේතුවෙන් අන් කවරදාකටත් වඩා පහසුවී තිබේ. අද Smart Phones, Smart TV භාවිතා කරන අපට, මෙම ගෘහස්ත ආරක්ෂණ තාක්ෂණයේ සිදුවන සීඝ්‍ර දියුණුවත් සමග නුදුරු අනාගතයේදීම Hyper-Secure connected Smart Home සංකල්පයද අරුමයක් නොවනු ඇත.
මේ ලිපියේ අරමුණ එවැනි නිවාස ආරක්ෂණ තාක්ෂණික ක්‍රමවේද කීපයක්  පිළිබඳව ඔබට දැනුම ලබාදීමයි.
Door Finger Print Reader / දොරටුවේ ඇඟිලි සලකුණු කියවනය
මෙහිදී දොරෙහි හෝ ගේට්ටුවෙහි අගුලට ඇඟිලි සලකුණු සංවේදකයක් සවිකෙරේ. එමගින් දොරගුල කරකවන්නාගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනෙන අතර එය ගබඩා කර ඇති අවසරලත් පුද්ගලයන්ගේ දත්ත සමඟ සසඳා බලා අනන්‍යතාවය තහවුරු කර ගැනේ. එසේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකිවිට එසේ ඇතුලුවන්නාගේ ඡායාරූපයක් සමඟ දැනුම්දීමක් නිවෙස් හිමියාගේ ජංගම දුරකථනයට මෙන්ම ආරක්ෂක නිළධාරීන් වෙතද ලැබෙනු ඇත.
Cross-checking Facial Recognition /හරස් ආවේක්ෂණ මුහුණු හඳුනාගැනීම
වඩාත් පහසුවෙන් නිවෙසට ඇතුලුවන්නන් හඳුනාගත හැකි තාක්ෂණයකි. දොරෙහි සවිකර ඇති facial recognition උපකරණයක් ආධාරයෙන් ඇතුලුවන්නාගේ දත්ත ඔබගේ සමාජ-ජාලා වෙබ් අඩවි සමග සම්බන්ධ කල හැක. එයට අමතරව අදාල පණිවුඩ පොලිසිය වෙත යොමුකිරීමේ හැකියාව හේතුවෙන් යම්කිසි අපරාධයකදී ක්ෂණිකව ක්‍රියා කළ හැක.
Full Smart Home /පූර්ණ ස්මාට් නිවස
නිවසෙහි සියලු සේවාවන් ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සම්බන්ධ කරනු ලබන මෙම තාක්ෂණය Universal remote සංකල්පය හා සමාන වේ. ආලෝක සහ විද්යුත් උපාංග හා සම්බන්ධ චලන සංවේදක වල ක්‍රියාකාරීත්වය තුළින් වහාම ඔබගේ දුරකථනයට ඒ පිළිබඳව දැනුම්දෙනු ලැබේ. තවද ආරක්ෂක පද්ධතිය තම ජංගම දුරකථනය හා සම්බන්ධව ඇති හෙයින් අනවසර ඇතුලුවීමකදී ඇතුලුවන්නාගේ ඡායාරූපයක් දුරකථනයට ලබා ගැනීමේ හැකියාවද පවති.

Improved Cyber Security / වැඩිදියුණු කළ සයිබර් ආරක්ෂාව

තාක්ෂණය අප ජීවිතයේ සෑම පැත්තක්ම ආක්‍රමණය කරමින් පවතින බව වඩාත් පැහැදිලිය. එහිදී ගෘහස්ත තාක්ෂණය මූලික ස්ථානයක් හිමිකර ගනී. අනෙක් පසින් මේ හා සම්බන්ධ ප්‍රධාන තර්ජනයක්ද වේ. එනම් අපරාධකරුවන්ද මෙම තාක්ෂණය තම අපරාධ සඳහා යොදා ගැනීමට ඇති හැකියාවයි. මේ හේතුවෙන් කිසියම් තර්ජනයක් කල්තියා හඳුනාගැනීමේ හැකියාවෙන් යුක්තව මුළුමනින්ම අපාරගම්‍ය Cyber-Security පද්ධතියක් තිබීම ඉතා වැදගත් වේ. මීට එක් විකල්පයක් වශයෙන් automatic IP back තාක්ෂණය හරහා අපරාධකරුවාට නොදැනී පොලීසිය වෙත සංඥාවක් යොමුකළ හැක.

මේ ලබා දී ඇති ලිපිය පිළිබද “ ගයාන් දිසානායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Advertisements

අදහස් දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

jangun.wordpress.com/

විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com

Sinhala ItZone

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

කොම්පියුටර් soft - Software | Tricks | News | Sinhala Tutorials

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Shuja's Sinhala Blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

++::Trick Lanka::++ | Sri Lanka Trick World

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

#sirKinaa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

සොෆ්ට්වෙයාලන්තය|softwarelanthaya

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

tech සයුර

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

LCD CLD Group Blog Reader | LCD CLD Group බ්ලොග් කියවනය

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Aluth.com

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Hetadina blog

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

බයිස්කෝප් සිංහලෙන්

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

Blog of Sadeepa

අප අඩවියට පැමිණි ඔබව සාධරයෙන් පිළිගනිමු...…

එල්.සී. දමැල්ගේ සිංහල උපසිරස හා ලිපි

බයිස්කෝප් සිංහලෙන් සමඟ...

%d bloggers like this: